කලින් අවුරුදු දෙකෙ වගේම මෙදා සැරෙත් අපි ගමේ සෙට් එකත් එක්ක දන්සල් කන්න යන්න උදේ 10ට විතරට එලියට බැස්සා ☀️
මම මගේ යාළුවා නදීශටත් මේ ගැන කතා කරා. කලින් ගියේ අපේ ගමේ සෙට් එක විතරයි. හැබැයි මේ පාර ගමේ එවුන්ගේ ඉස්කෝලෙ, පන්තියේ යාළුවොත් මේ ගමනට ආවා. 😎
මම ඉතින් ආපු සෙට් එක ගැන වැඩිය හිතුවේ නැ. අපි ඉතින් මාලු පාන් දන්සලයි, බිම දන්සලයි, රොටි දන්සලයි කාලා 🍞🐟
අපි බ්‍රවුන්සිල් පැත්තෙන් බීච් එකට ආවා 🏖️. ඉන්පස්සේ එතන තියෙන හෙළ බොජුනෙකට ගිහින් පොඩ්ඩක් මහන්සි වෙලා විනාඩි 15ක් විතර අරින්නට වුණා 😮💨
Beach එකේ Drama 😤🚬
කලින් වගේම අපේ ගමේ අයත් එක්ක ආවා. නමුත් මේ වතාවෙ ආවෙ ගමේ එවුන් ටිකයි, උන්ගෙ යාළුවොයි නෙ.
ඉතින් එකෙක් බිඩියක් බොන්න ගත්තා. මනසිකවයි, ශාරීරිකවයි මේක ඇත්තටම off-track 🧠❌
“ගෙදරට දන්සල් කන්න එනවා කියලා beach එකේ බිඩි බොනව?” 😵💫
මම උන්ගෙන් ඇහුව:
“උබ ඕව කරන්නෙ මොකක් බලාපොරොත්තුවෙන්ද?” 🤨
උ: “අධ්‍යත්මික සුවය ලැබෙනවා හු&තො” 😑
මට හිතුනේ ‘Seriously?’ කියලා. ඒ වගේ ගොන් වැඩ වලට ආසාවෙන් යන එකම තමයි ගොන්කම 🤦
තවම එතන ඔක්කොම පොඩියි. පොඩිමත් නෙමේ, නමුත් වැඩි වගකීමක් තියෙන්න ඕනෙ. අවුරුදු ගාණක් ඉඳලා වටින මනුස්සයෙක් වෙන්න නම් දැන්ම හොඳ දේ තෝරන්න හිතන්න ඕනෙ 😉
අන්තිමෙදි අපි අපේ ගමේ පොරට කියලා, මම මගේම සෙට් එක එක්කම ආවා. අදටත් මම ආස නැ ඒ වගේ ජරාවක් පාවිච්චි කරන්න 🚭
මම දන්නෙ නැ මේ මිනිස්සු මොකට මෙවා බොනවද කියලා. තමන්ගේම ජීවිතය විනාශ වෙනවා කියලා දැනගෙනත් එක එක මගුල් පාවිච්චි කරන එක කියන්නෙ මානසික පිස්සෙක් 😐
අනේ මන්දා, අද කාලේ ලමයිට මොකක් වෙලාද කියලා මට තේරෙන්නෙ නැ.
එතකොට හිතන්න එපා මම සම්පූර්ණ මිනිහෙක් කියලා. නැහැ, මමත් අඩුපාඩු තියෙන කෙනෙක් 😅
මම ඒවා හදාගන්න උත්සාහ කරනවා. නිකන් පිස්සෙක් වගේ කරාබු දාල, කට් ගහල, බිඩි බිල, සිගරට් බිල, ගන්ජා ගහල පිස්සෙක් වෙන්නෙ නැතුව,
එවා කරන්න කලයක් එනවා 18 පස්සෙ. මොකද, එතකම් අපි තාමත් ලමයි නෙ 👶🧠
Ice Cream Break & Bike Trouble 🍦🔧
අපි ඉතින් ඒ සීන් එකෙන් පස්සේ මාතර කොටුව ඇතුලෙන් ඇවිල්ල ලිඩ්ස් ප්‍රයිවට් ඉස්කෝලේ වටේ ගියා 🏫
ඒත් එක්කම අපේ එකෙක් කිව්වා, එකෙ ලඟ දන්සලක් තියෙනව කියලා. ඒකෙ වටේ ගිහිල්ලා අන්තිමෙදි අයිස්ක්‍රීම් දන්සලක් තිබ්බෙ. කාලා ආවා 🍨
ඉන්පස්සේ මාතර සෙන්ට්‍රල් එක ගාවින් ගිහින්, රහුල හන්ඩියට ගිහින් ආයේ නුපෙ පත්තට ඇවිල්ල,
තොටමුනට යන පාරේ — එ කියන්නෙ කෙම්බ්‍රිජ් එක ගාව — පාරේ දිගටම යද්දි, නදීශගේ බයිසිකලේ හුලන් ගිහින් 😵
අපි එතන ඉඳන් ගෙදරකින් පොම්පයක් ඉල්ලගෙන බයිසිකලට හුලන් ගහල,
අර ටවුන් එක මැද තියෙන ලොකු කිල්ස් එකට ගිහින්, මමයි නදීශයි දිනෙතුයි අයිස්කෝපි එකක් එක්ක Garlic Bun එකක් කාලා 🧃🧄🥯
අනිත් එවුන් ටික අපිට කතා කළා, යන්න අලුතෙන් ආපු එවුන් උන්ගෙ මතෙට වැඩ කරන නිසා,
අපි තුන් දෙනාට එපා වෙලා හිටියේ 😒
එක නිසා අපි කතා කරන්න අපු එකට කිව්වා: “පලයන් බන් යන්න” 😂
ඉන් පස්සෙ උන් අතුරුදන් 🫥
ඉන්පස්සෙ අපි රොන්ඩේ ගහල, අන්තිමෙදි සමන්මල් එක ගාවට අවිල්ල, ගත්ත කොල් එකක්,
උන් ටිකට. ඒකත් උන් අපිට බැනලා කට් කරා 📱❌
ඉන් පස්සෙ අපි ගියා රශ්මික අයියලාගේ ගෙදර 🏠
එයාව සමහර අය දන්නව ඇති, නැත්තම් නැහැ,
කොහොම හරි ගිහින් බැලුවට රශ්මික අයිය නෑ. එයාගේ අක්ක තමයි හිටියේ 👩🦰
ඒ අක්ක මාව පොඩි කාලෙ ඉදන් දන්න නිසා, අපිට අයිස්ක්‍රීම් දීලා 😋
අපි ඒ අයට කියලා, ගෙදර යන්න ආවා 🚲
Final Stretch & Lessons Learned 🏁📚
ඉන් පස්සෙ තමයි ආමාරුම 😓
අපි උදේ 10 ඉදන් බයිසිකලේ පැදල පැදල මහන්සියි. කකුල් එක පාරටම ලොක් වෙනවා වගේ 🦵💢
මොකද කරන්නද, අපි ආවා.
ඉන්පස්සේ, ආයෙ මැද්දවත්ත හන්දියෙදි නදීශගේ රොදෙ හුලක් ගිහින්.
මට හිතෙනෙ පැච් එක්ක 😬
එතන හිටපු මල්ලි කෙනෙක්ගෙන් පොම්පයක් ඉල්ලගෙන, රොදෙට හුලන් ගහන නදීශව ගෙදර ඇරලවන්න මමයි දිනෙතුයි ගියා 👫
ගිහිල්ල මගේ ඉස්කෝලේ ගාවටම ඇරලවා,
අපි රස්සන්දෙනිය පාරෙන් කුබල් ගමට අවිල්ල, අයි ගෙදර යන්න බයිසිකලේ පැගුව එක ඉතින් ආත්ල් ගමනක් උනත්
දුෂ්කරයි ගොඩක් 😩
ඉන් පස්සෙ කොහොමහරි අපිට කුබල් ගම ඉදන් ගෙදර එන්න විනාඩි 45 විතර ගියා.
වෙනද නම් විනාඩි 15 යන්න පුලුවන් 😅
අන්තිමෙදි හොඳටම මහන්සි වෙලා 5.34ට මම ගෙදර පැමිණියා 🕠
මේ ගමනෙන් ලැබුණු පාඩම් ✅:
- Plan නැතුව යන්න එපා 📅
- Responsibility නැති අයත් එක්ක long trip එක dangerous 😬
- Slow & steady – අඩු වේගෙන් තව දුර යන්න උත්සාහ කරන්න 🐢➡️🏁
Thank you for reading! 🙏❤️